කොවිඩ්-19

දකුණු අප්‍රිකා ප්‍රභේදය ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකියි – නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

“නව ප්‍රභේදයක් රටකට ඇතුළු වීම වැළැක්වීමට ලොව කිසිඳු ක්‍රමවේදයක් නෑ.”

දකුණු අප්‍රිකාවෙන් සොයා ගෙන ඇති නව කොවිඩ් ප්‍රභේදය ඕනෑම වේලාවක ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකි බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටිනවා. ඔහු කියා සිටියේ නිශ්චිත ප්‍රභේදයක් නිශ්චිත රටකට ඇතුළු වීම වැළැක්වීම සඳහා ලෝකයේ කිසිදු යාන්ත්‍රණයක් නොමැති බවයි.

සැප්තැම්බර් 01 දින පැවති මාධ්‍ය හමුවක දී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ රට තුළ අහඹු ලෙස ලබාගන්නා සාම්පල පරීක්ෂා කිරීම තුළින් පමණක් නව ප්‍රභේද පැතිරයාමක් සිදුවනවාද යන්න සොයා බැලිය හැකි බවයි.

“ඕනෑම කොවිඩ් ප්‍රභේදයකට ශ්‍රී ලංකාවට ඇතුළු විය හැකිය. අපට එය නැවැත්විය නොහැකියි. ප්‍රශ්නය වන්නේ, විශේෂිත ප්‍රභේදයක් ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති බව අපට දැන ගත හැක්කේ එය රට තුළ ව්‍යාප්ත වූ පසු අහඹු සාම්පලයක් මඟින් හඳුනා ගත්තොත් පමණි.”

Rivira FB Group Rivira Youtube
To Top