කොවිඩ්-19

ෆයිසර් එන්නතට වඩා මොඩර්නා එන්නතෙන් ලැබෙන යමක් ආචාර්ය ජීවන්දර හෙළි කරයි

ශ්‍රී ලංකාවේ භාවිතා වන කොවිඩ් මර්දන එන්නත් සංඛ්‍යාව 4කි. ඒ අතර, සයිනොෆාම්, ෆයිසර්, මොඩර්නා හා ස්පූට්නික් වී යන එන්නත් මහජනතාව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටී.

එහිදී කෝවිඩ්-19 වෛරස පාලනය සඳහා එන්නත් කෙරෙන මොඩර්නා එන්නතයේ ඵලදායීතාවය ෆයිසර් එන්නතට සාපේක්ෂව ඉහළ වන බවත්, එන්නතේ එක් මාත්‍රාවක් මඟින් ඇතිකරන ප්‍රතිදේහ ෆයිසර් එන්නත් මාත්‍රාවකින් ඇතිකරන ප්‍රතිදේහ මෙන් දෙගුණයකටත් වඩා වැඩි බවත් හඳුනාගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිජීව විද්‍යා හා අණුක විද්‍යා අධ්‍යයන අංශයේ පර්යේෂක, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි. ඔහු පවසන්නේ එන්නත් දෙවර්ගය සම්බන්ධයෙන් බෙල්ජියමේ දී සිදුකරන ලද අධ්‍යයනයකින් මේ බව හෙළි වී ඇති බවයි.

Rivira FB Group Rivira Youtube
To Top