(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 01 පස්වරු 08.10ට)
ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 01 බදාදා පස්වරු 07.30 වන විට 444,130ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. අගෝස්තු 31 දිනය තුළ සිදුව ඇති තවත් මරණ 215ක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් සැප්තැම්බර් 01 දින නිවේදනය කළා.
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 376,216කි. සමස්ත ආසාදිතයින් අතුරින් 9,400 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 58,729ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පද්ධතිය පෙන්වා දෙනවා.
මේ වන විට සුවය ලබා ඇති ආසාදිතයින්ගේ අනුපාතය 85.4%ක් ලෙසත් මරණ අනුපාතය 2.08%ක් ලෙසත් වාර්තා වේ.
මිලියනයකට ආසාදිතයින් - 20,753
මිලියනයකට මරණ - 439
අගෝස්තු මාසයේ තත්වය
මෙරට කොවිඩ්-19 ව්‍යාප්තියේ බරපතලම කාලවකවානුව ගත වෙමින් පවතින අතර අගෝස්තු මාසය තුළ පමණක් හඳුනාගෙන ඇති ආසාදිතයින් ගණන 131,463කි. අගෝස්තු මාසය තුළ පමණක් ආසාදිතයින් 4,892 දෙනෙකු මියගොස් තිබෙනවා. ආසාදිත බව හඳුනාගත් රෝගීන් 97,038 දෙනෙකු අගෝස්තු මාසය තුළ සුවය ලබා තිබෙනවා.
සැප්තැම්බර් 01 පෙරවරු 10 වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයින් 440,302 වර්ගීකරණය කර ඇත්තේ මෙසේය.
විදේශයන් හී සිට පැමිණි විදේශිකයින් – 328
විදේශයන් හී සිට පැමිණි ලාංකිකයින් – 6,836
නාවික හමුදා සාමාජිකයින් හා ආශ්‍රිතයින් – 950
කන්දකාඩු පොකුර - 651
මිනුවන්ගොඩ "බ්‍රැන්ඩික්ස්" පොකුර - 3,059
පෑලියගොඩ හා වරාය පොකුර - 82,785
බන්ධනාගාර පොකුර - 8,162
අලුත් අවුරුදු පොකුර - 337,218
වෙනත් – 313
මේ වනවිට සමස්ත ලෝකයට සාපේක්ෂව ශ්‍රී ලංකාව පසුවන්නේ පහත තත්වය යටතේ ය.
සමස්ත ආසාදිතයින් ප්‍රමාණය අතින් ලොව - 60
සක්‍රීය ආසාදිතයින් ප්‍රමාණය අතින් ලොව - 36
සමස්ත මරණ ගණන අතින් ලොව - 54
ජනගහනය මිලියනයකට ආසාදිතයින් ප්‍රමාණය අතින් ලොව - 124
ජනගහනය මිලියනයකට මරණ ප්‍රමාණය අතින් ලොව - 108

