කොවිඩ්-19

ණය සහන තවත් මාස 6කටවත් දීර්ඝ කරන්නැයි ණය ගනුදෙනුකරුවන් රජයෙන් ඉල්ලයි

කොවිඩ්-19 තෙවැනි රැල්ල නිසා දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ අතර එය දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මෙතෙක් දැනුම් දීමක් සිදුකර නැත.

ඒ අනුව, ලීසිං හා ණය ගනුදෙනුකරුවන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් අය කර ගැනීමේ කටයුතු අද (01) දිනයේම ආරම්භ කිරීමට ඇතැම් බැංකු කටයුතු කර ඇති බව ණය ගනුදෙනුකරුවන් පවසයි.

2020 අප්‍රේල් 01 හෝ ඊට පසුව අක්‍රිය යයි වර්ගීකරණය කර ඇති ණය අය කර ගැනීම 2021 අගෝස්තු 31 දක්වා අත්හිටුවිය යුතු මහ බැංකුව මීට පෙර දැනුම් දී තිබූ අතර මේ වනවිටත් දිවයිනටම බලපාන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය ද පනවා ඇති පසුබිමක ණය අය කිරීම තවත් මාස 6කට අත්හිටුවා දෙන ලෙස ණය ගණුදෙනුකරුවන් රජයෙන් හා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටී.

Rivira FB Group Rivira Youtube
To Top