News

රිෂාඩ්ගේ සිරකුටියෙන් ජංගම දුරකථනයෙන් කතා කර කර ඉඳලා මාට්ටු

කොළඹ මැගසින් බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, රිෂාඩ් බදියුදීන් සන්තකයේ තිබී ජංගම දුරකථනයක් හමු වී තිබෙන බව බන්ධනාගාර ප්‍රකාශකවරයා අනාවරණය කළා.

සැප්තැම්බර් 02 දින ප්‍රකාශයක් කරමින් බන්ධනාගාර ප්‍රකාශක චන්දන ඒකනායක පැවසුවේ රිෂාඩ් බදියුදීන් සිටින සිර මැදිරිය වෙත ප්‍රධාන ජේලර්වරයා සහ තවත් බන්ධනාගාර නිලධාරියෙකු පැමිණෙන විට බදියුදීන් දුරකථනයෙන් කතා කරමින් සිටින බව නිලධාරීන් නිරීක්ෂණය කර ඇති බවයි.

ඒ අනුව, ඔහු දුරකථනය භාවිතා කරන බව ජේලර්වරුන් දුටු බව හිටපු ඇමතිවරයා දැකීමෙන් පසු අදාළ දුරකථනය කුටියෙන් පිටතට විසි කර ඇති බව ද ප්‍රකාශකරවරයා සඳහන් කළා. පසුව, බන්ධනාගාර නිලධාරීන් විසින් අදාළ ජංගම දුරකථනය වැඩිදුර පරීක්ෂණ සඳහා බන්ධනාගාර බුද්ධි අංශයට භාර දී ඇත.

බන්ධනාගාර ආඥා පනත යටතේ රැඳවියෙකු ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම තහනම් කර ඇති බවත් එම නිසා මන්ත්‍රීවරයාව ඉදිරියේදී බන්ධනාගාර අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් කොමසාරිස්වරයා සඳහන් කළා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ බදියුදීන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

බදියුදීන් මන්ත්‍රීවරයා විසින් බන්ධනාගාර රෝහලේදී වෛද්‍යවරයෙකුට සිදු කළ බවට කියන මරණ තර්ජන පිළිබඳව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ද මීට පෙර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Rivira.lk අන්තර්ජාල පුවත්පත.

විමසීම් සහ පුවත් යොමු කිරීම් - rivira@rivira.lk

Copyright © 2019 Rivira.lk

To Top