(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 03 පස්වරු 12.33ට)
දිවයිනටම බලපා ඇති වසංගත තත්වය පාලනය කිරීම සඳහා අගෝස්තු 20 දින රාත්‍රී 10 සිට දිවයිනටම බලපාන පරිදි පනවා තිබූ නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 13 දින අලුයම 4 දක්වා බලපැවැත්වෙන පරිදි දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබෙන බව සැප්තැම්බර් 03 දින ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා ප්‍රකාශ කළා.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේදී එම තීරණය ගෙන තිබෙනවා.
ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (03) උදෑසන පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදි, දැනට පවතින නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව සැප්තැම්බර් මස 13 වන සඳුදා අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ලදි.#srilanka #lockdownextension #lka
— Kingsly Rathnayaka (@KingslyRathnyka) September 3, 2021
අගෝස්තු 20 දින සිට ක්‍රියාත්මක වන මෙම ඇඳිරි නීතිය මීට පෙර නියම කර තිබුණේ සැප්තැම්බර් 06 දින දක්වා බලපැවැත්වෙන බවයි.

