කොවිඩ්-19

ණය සහනය දෙසැම්බර් 31 දක්වා මාස 4කින් දීර්ඝ කෙරේ

කොවිඩ්-19 තෙවැනි රැල්ල හේතුවෙන් ද දැඩි අපහසුතාවට පත්ව සිටින ණය ගනුදෙනුකරුවන්ට ලබා දී තිබූ සහන කාලය 2021 අගෝස්තු 31 දිනෙන් අවසන් වූ අතර එය 2021 වසරේ දෙසැම්බර් 31 දින දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව, සැප්තැම්බර් 01 දින 2021/08 දරන චක්‍රලේඛය මගින් වානිජ බැංකුවලින් ගනුදෙනුකරුවන් ලබාගෙන ඇති ණය සම්බන්ධයෙන් 2021/05 දරන චක්‍රලේඛයෙන් ලබා දී තිබූ සහන දෙසැම්බර් 31 දින දක්වා දීර්ඝ කරන ලෙස සියලුම බැංකු වෙත නියම කර තිබෙනවා.

මීට අමතරව ගනුදෙනුකරුවන්ට ලබා දිය යුතු වැඩිමනත් සහන ද ලබා දීමට බැංකු වෙත අවස්ථාව ලබා දී ඇති බව එම චක්‍රලේඛයෙන් මහබැංකුව පවසනවා.

එම චක්‍රලේඛය මෙතැනින්.

Rivira FB Group Rivira Youtube
To Top