ජිප්සීස් සංගීත කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. සැප්තැම්බර් 06 දා පෙරවරුවේ ඒ මහතා මිය යනවිට 68 වන වියේ පසුවිය.
කොවිඩ්-19 ආසාදිතව සුවය ලබා නිවසට පැමිණීමේ දින කිහිපයකට පසුව ඊයේ (05) ඇති වූ හදිසි රෝගී තත්වයක් මත කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ඇති අතර ඔහු අභාවප්‍රාප්ත වී තිබේ.
සුනිල් පෙරේරාගේ අභාවය සම්බන්ධයෙන් ජිප්සීස් කණ්ඩායමේ කීබෝඩ් වාදක දුෂාන් ජයතිලක තැබූ ෆේස්බුක් සටහන පහතින්.
“නිවන් සුව ලැබේවා සුනිල් අයියා මගේ තාත්තට පස්සේ මගේ දෙවැනි තාත්තා වගේ ! ඔයා කරපු හොද දේවල් කවදාවත් අමතක වෙන්නෙ නෑ
මීට අවුරැදු 18 කට කලින් දුෂාන් කැමතිද ඡිප්සිස් ගහන්න කියලා අහද්දී මට දැනුනු සතුට කවදාවත් මොනම දේකින්වත් මට දැනිලා නෑ .සමාඡය ගැන ගොඩක් දේවල් සහ සංගීතයේ ගොඩක් දේවල් ඡීවිතයේ වැරදුනු හැමතැනකදීම මට කියා දීලා මග පෙන්වපු ඔයා වෙනුවෙන් මම Wish කලේ මගේ ආයුෂත් අරන් ඡීවත් වෙන්න කියලා,
වැරදි අඩු මිනිහෙක් මම මේ ලෝකේ දැක්ක නම් ඒ ඔබ විතරයි, තමන් හම්බ කරන දෙයින් අනිවාර්ය කොටසක් තමන්ටත් වඩා නැති අයට දෙන්න කිය කිය හැම තිස්සේම මට කියා දීලා කිව්වේ ,වාසනාව අපි හම්බ කරන්න ඕන හැමදාම දක්ෂකමට වඩා වාසනාව තිබ්බොත් අපි තැනකට එනවා කියන එක හැම තිස්සෙම කිව්වා , මට තාම මතකයි මගේ First Tour එකේදි මට සල්ලි දීලා ඇහුවේ ඔයා සතුටුයිද අපි එක්ක Play කරන එක ගැන කියලා , එදා ඉදන් අවුරැදු 18 ක් කියන්න දේවල් අනන්ත තිබුනත් දරා ගන්න බැරි එකම දේ , ඔයා හොද වෙලා ඇවිල්ලා අලුත්ම වීඩියෝ එක කරමු කියපු හැටි , Sunil අයිය සහ Shezri , Lal ,Monique ,Kamal Aiya පියල් අයියා ආයේ නිදහසේ සෙට් වෙලා ෂොට් එකක් දාමු කියපු හැටි තාමත් මතකයි , අනේ කොහොම කියන්නද ? මම සුනිල් අයියා මැරෙන දවස වෙනකම් ඡිප්සීස් Play කරනවා කියලා නිකමට ඒ දවස්වල් කියද්දි මම හිතුවේ නෑ ඒක මේ විදියට වෙයි කියලා,
සුනිල් අයියා ඔයාගෙන් ඉගෙනගත්ත දේවල් ,සහ මම ඡීවිතේ දැකලා තියෙන ලංකාවේ හොදම බෑන්ඩ් ලීඩර් සහ හොදම අවංක මනුස්සයෙක් මට ,අපිට ,රටට නැති වුනා
සුභ ගමන් අපිත් ආවම සෙට් වෙමු !එතකං රොනී අයියා එක්ක සතුටින් ඉන්න !”

