(RIVIRA.LK, 2021 සැප්තැම්බර් 06 පස්වරු 02.30ට)
ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව සැප්තැම්බර් 06 සඳුදා පස්වරු 02.00 වන විට 462,767ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. මේ වනවිට වෛරසය ආසාදනය වීමෙන් මරණයට පත්ව ඇති බව නිල වශයෙන් තහවුරු කර ඇති ගණන 10,000 සීමාව පසු කර තිබෙන අතර
ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 384,557කි. සමස්ත ආසාදිතයින් අතුරින් 10,140 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 68,070ක් දක්වා ඉහළ ගොස් ඇති බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පද්ධතිය පෙන්වා දෙනවා.
මේ වනවිට මෙරට මරණ අනුපාතය 2.19%ක් ලෙස වාර්තා වේ. ජනගහනය මිලියනයකට සාපේක්ෂව මරණ ගණන 473ක් ලෙස වාර්තා වේ.
කොරෝනා මරණ භූමදානය කිරීම සඳහා 2021 පෙබරවාරි 25 දින නිකුත් කරනු ලැබූ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් අවසර ලබා දී තිබේ.
2020 අප්‍රේල් මස 05 වන දින සිට සෑම මසකම 05 වන දින වනවිට ආසාදිතයින්ගේ ඉහළ යාම පහත සටහනෙන් දැක්වේ.


