මාස 6කට අධික කාලයක් පුරා ක්‍රියාත්මක වූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව, නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් ඔක්තෝබර් 31 අලුයම 4 සිට අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ බව කොවිඩ් මර්දනය පිළිබඳ කාර්ය සාධක බළකාය නිවේදනය කළේය.
එම නිවේදනයෙන් වැඩි දුරටත් සඳහන් කර තිබුණේ පළාත් අතර බස් සහ දුම්රිය ධාවනය කටයුතු නොවැම්බර් 01 දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි.

