“එක රටක් – එක නීතියක්” සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබූ කාර්යසාධන බලකායේ සභාපති ධුරයට ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින්ම පත් කළ අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා රජයට විරෝධය පළකර තිබෙන බවට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
“මෙම පත්වීම සෑම ජනවර්ගයකටම සාධාරණ ලෙස ක්‍රියා කිරීමට බාධාවක්” බව අමාත්‍යවරයාගේ මතය වී ඇති බව ද එම වාර්තා මගින් පෙන්වා දී ඇත. මුස්ලිම් සමාජයේ ආගමික නායක මවුලවිවරුන් අමාත්‍යවරයා වෙත දැඩි විරෝධයක් දැක්වීමෙන් පසු අමාත්‍යවරයා ද ඔවුන්ගේ ජනවර්ගය නියෝජනය කරමින් සිය විරෝධය රජයට පළ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.
අදාළ කාර්යසාධන බලකාය දිගටම ක්‍රියාත්මක වුවහොත් තමන්ට තවදුරටත් අධිකරණ අමාත්‍යවරයා ලෙස සේවය කළ නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතැයි වාර්තා වෙයි. කෙසේ නමුත් අධිකරණ අමාත්‍යධූරයට අලි සබ්රි මහතා පත් කරන අවස්ථාවේ ද රට තුළ විශාල විරෝධයක් තිබූ අතර ජනාධිපතිවරයා විසින් එම විරෝධය මධ්‍යයේම සබ්රි මහතාව එම ධූරයට පත් කිරීම සිදුකළා.

