රජය විසින් පාලන මිල ඉවත් කිරීමෙන් පසු ගෑස් සමාගම් විසින් මිල දැරිය නොහැකි තරම් ප්‍රමාණයකින් ඉහළ දැමුවත් බොහෝ ප්‍රදේශවලට මෙතෙක් ගෑස් සැපයුම සාමාන්‍ය තත්වයට පත් කර නොමැති බව වාර්තා වේ.
රිවිර.lk කළ සොයා බැලීමක දී අනාවරණය වූයේ මෙලෙස දැඩි හිඟයක් පවතින්නේ ලාෆ් ගෑස් සමාගමේ ගෑස් සම්බන්ධයෙන් බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ නුගේගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම හා ගොඩගම යන ප්‍රදේශවලත්, කඩුවෙල, මාලබේ, බත්තරමුල්ල යන ප්‍රදේශවලත් ගෑස් හිඟය එලෙසින්ම පවතින බව ද මෙහිදී අනාවරණය විය.
මීට අමතර ගම්පහ, කුරුණෑගල, කළුතර, මාතර, ගාල්ල, මහනුවර, ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක ද තත්වය මෙසේ වන අතර ඉඳහිට ගෑස් සුළු ප්‍රමාණයකින් පමණක් ලැබෙන බව අලෙවි නියෝජිතයින් සඳහන් කළා.
පාරිභෝගිකයින් චෝදනා කර සිටින්නේ බොහෝ ස්ථානවල ලිත්‍රෝ ගෑස් තිබුණත් ඔවුන් නව සිලින්ඩර ලබා දීම ප්‍රතික්ෂේප කරන බවයි.

