ඉන්දීය ජාතික බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගත් “අයිඑස්අයිඑස්” ත්‍රස්ත සැකකරුවකු සමග සබඳතා පැවැත්වූ බව කියන ශ්‍රී ලාංකිකයින් 702ක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ත්‍රස්ථ මර්දන කොට්ඨාසය මගින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
නොවැම්බර් 01 දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඉදිරියේ කරුණු දක්වමින් ත්‍රස්ථ මර්දන කොට්ඨාසය සඳහන් කළේ අදාළ ඉන්දීය ත්‍රස්ථ සැකකරුගේ ජංගම දුරකතනයේ තිබූ ශ්‍රී ලාංකිකයන් 702 දෙදෙනකුගේ ජංගම දුරකතන අංක ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා එරට බුද්ධි අංශ විසින් ලබා දී ඇති අතර ඒ මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.
ඉන්දියාව විසින් ලබා දී ඇති තොරතුරු අනුව “අයිඑස්අයිඑස්” ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බව කියන සම්සුදීන් නමැත්තෙක් ඉන්දීය බුද්ධි අංශය විසින් අත්අඩංගුවට සිදුකරනු ලැබූ විමර්ශනවල දී ශ්‍රී ලාංකිකයින් සම්බන්ධ ජාලයක් පිළිබඳ කරුණු අනාවරණය කර ගැනීමට එරට බුද්ධි අංශ සමත්ව තිබෙනවා. වට්ස්ඇප් හරහා කණ්ඩායම් වශයෙන් “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායම්වල ශ්‍රී ලාංකිකයින් 702 දෙදෙනකුගේ තොරතුරු මේ හරහා අනාවරණය කරගෙන ඇති අතර “අයිඑස්අයිඑස්” සංවිධානයට අයත් වීඩියෝපට, හඩපට සහ 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ සිදුවූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරු වූ තවුහිද් ජමාත් සංවිධානයේ නායක මොහොමඩ් සහ්රාන්ගේ දේශනාවන්, ඔහුගේ ඡායාරූප සහ හඬපට ද “මුජහිදීන් ෆෝ අල්ලා” නමැති ‘වට්ස්අප්’ කණ්ඩායම් තුළ හුවමාරු වී ඇති බව ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරගෙන තිබෙනවා.
මේ වනවිට සිදුකර ඇති විමර්ශන මගින් ශ්‍රී ලංකාව තුළ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔහුව ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවත් ත්‍රස්ථ මර්දන කොට්ඨාසය අධිකරණය වෙත දැනුම් දී තිබෙනවා.

