ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ

ඇමති සබ්‍රිගේ නොසතුට නිසා ජනපති පත්කළ “එක රටක් – එක නීතියක්” බලකාය හකුලා ගනී ද?

ප්‍රධාන පුවත්පතකට අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා පවසා ඇත්තේ “එක රටක් – එක නීතියක්” කාර්ය සාධක බලකාය පත් කිරීම පිළිබඳ තමන් නොදන්නා බවත් තමන්ගෙන් කිසිවක් විමසුවේ නැති බවත්ය. එවැනි බලකායක කිසිඳු අවශ්‍යතාවයක් නැති බව ද අමාත්‍යවරයා එම පුවත්පතට අදහස් දක්වමින් පවසා ඇත.

මේ අතර නොවැම්බර් 03 දින ජාතික පුවත්පතක් වාර්තා කර ඇත්තේ ජනාධිපතිවරයා විදෙස් සංචාරය නිමකර දිවයිනට පැමිණීමෙන් පසු අමාත්‍ය අලි සබ්රි සිය නොසතුට ජනාධිපතිවරයා වෙත දැනුම් දීමට නියමිත බවයි. එසේම එම බලකායේ ප්‍රධානී ලෙස පත් කළ ඥානසාර හිමියන් ධූරයෙන් ඉවත් නොකළහොත් තමන් ධූරයෙන් ඉල්ලා අස්වන බව අලි සබ්රි මහතා විසින් ප්‍රකාශ කර ඇතැයි මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටී.

මේ අනුව, ජනාධිපතිවරයා දිවයිනට පැමිණීමෙන් පසු අදාළ බලකාය අවලංගු කිරීම, ඥානාසාර හිමියන් ඉවත් කිරීම හෝ අධිකරණ ඇමතිවරයා ධූරයෙන් ඉල්ලා අස්වීම යන කරුණු 3න් එකක් සිදුවීමට නියමිත අතර බොහෝ පාර්ශව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙයි.

Rivira FB Group Rivira Youtube
To Top