සීනි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
නොවැම්බර් 03 දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 122ක් ලෙසත්, පැකට් කළ සුදු සීනි කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125ක් ලෙසත් පාලන මිලක් පනවමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය 2021 සැප්තැම්බර් 02 දින ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
කෙසේවෙතත් මේ වනවිට වෙළෙඳපොළේ බරපතල සීනි හිඟයක් ඇති කර තිබෙන අතර බොහෝ සුපිරි වෙළෙඳසැල් මගින් එක් පාරිභෝගිකයෙකු සඳහා කිලෝ 1ක උපරිම ප්‍රමාණයක් ලබා දීමට කටයුතු කරමින් සිටී.
සීනි වෙළෙඳුන් පවසන්නේ රජයෙන් පනවා ඇති මිලට සීනි විකිණිය නොහැකි නිසා තමන් සීනි ආනයනය නතර කළ බවයි.

