සතොස වෙළෙඳසැල් මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ දී වෙනත් භාණ්ඩ ද මිලදී ගත යුතු බවට පනවා තිබූ කොන්දේසි ඉවත් කිරීමට වෙළෙඳ අමාත්‍යංශය තීරණය කර තිබේ. පනවා තිබූ කොන්දේසි අනුව සීනි වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේ දී තවත් භාණ්ඩු වර්ග 5ක්වත් මිල දී ගත යුතු බවට මෙම කොන්දේසි පනවා තිබුණි.
වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි එම ඉවත් කිරීම සිදුකර ඇති බවයි.

