මෙරට රාජ්‍ය සේවකයින් සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා බරපතල හා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකරනු ලැබුවා. මෙවර අයවැය මගින් රාජ්‍ය සේවකයින් හා විශ්‍රාමිකයින් සම්බන්ධයෙන් සහන සැළසීමක් සිදුව නොමැති වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා සඳහා කළේ රාජ්‍ය සේවකයින් රටට බරක් වී ඇති බවයි. එබැවින් රාජ්‍ය සේවකයින් සඳහා තවදුරටත් මුදල් වැයකිරීමේ හැකියාවක් නොමැති බව ද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2022 අයවැය යෝජනා සමාලෝචනය කිරීම සඳහා නොවැම්බර් 13 දින පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයා පළ කළ අදහස් මෙසේය.
“මං හිතන්නේ තවදුරටත් අපි ලොසිංජර දෙන්න අවශ්‍ය නෑ. අපි අවංකව පිළිගන්න ඕනේ මේ රාජ්‍ය සේවය අපේ රටට බරක්. මම පැහැදිලිව කියන්න ඕනේ මොනම ආකාරයකින්වත් තවත් වර්ෂයක් යනකම් රාජ්‍ය සේවය වෙනුවෙන් තවත් මහජන මුදල් වැය කරන්න හැකියාවක් නෑ. වගකීමෙන් කියනවා, රාජ්‍ය සේවකයින්ගේ සංඛ්‍යාව පුළුල් කරන්නත් අපිට පුළුවන්කමක් නෑ. වාර්ෂිකව විශ්‍රාම යන සංඛ්‍යාව අනුව තරුණ පිරිස ඇතුළු කර ගැනීමට අපි කටයුතු කරනවා.”

