20යි 20 ක්‍රිකට් ඉතිහාසයේ තමන්ට අහිමිව තිබූ ලෝක කුසලාන සිහිනය සැබෑ කර ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම නොවැම්බර් 14 දින සමත් විය. ඒ අවසන් තරඟයේ දී නවසීලන්ත කණ්ඩායම කඩුළු 8කින් පරාජයට පත් කරමින්.
ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පැවති තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා පළමුව පන්දු රැකීමට තීරණය කළේය.
ඒ අනුව, ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ඨ පිතිකරණයක නිරත වූ නායක කේන් විලියම්සන් පන්දු 48කදී ලකුණු 85ක් රැස්කළ අතර මාටින් ගප්ටිල් ලකුණු 28ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ජොෂ් හේසල්වුඩ් කඩුළු 3ක් දවා ගත් අතර ඇඩම් සම්පා එක් කඩුල්ලක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුළු 2ක් පමණක් දැවී පන්දුවාර 18යි පන්දු 5ක් තුළ ලකුණු 173ක් ලබා ගනිමින් තරඟය පහසුවෙන් ජයගැනීමට සමත් විය.
එහිදී ඕස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් දැවැන්ත 6 පහර 4ක් සමගින් මිචෙල් මාෂ් නොදැවී ලකුණු 77ක් රැස්කළ අතර 6 පහර 3ක් සමග ඩේවිඩ් වෝනර් ලකුණු 53ක් රැස් කළේය.
පන්දු යැවීමේදී නවසීලන්ත කණ්ඩායම වෙනුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2ක් දවා ගත්තේය.
තරඟයේ වීරයා වූයේ මිචෙල් මාර්ශ් වන අතර 2021 ලෝක කුසලාන 20යි 20 තරඟාවලියේ වීරයා ලෙස ඩේවිඩ් වෝනර් නම් කරනු ලැබුවා.
මෙම අවසන් තරඟයේ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් රැසක් නවසීලන්තයට සහය පළ කිරීම සමාජ මාධ්‍ය ඔස්සේ නිරීක්ෂණය වූ අතර “නවසීලාංකිකයින්” ලෙස ඔවුන් සිය සහය පළ කිරීම ද දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, 20යි 20 ජාත්‍යන්තර පිටියේ පළමු වරට ලෝක කුසලානයක් දිනා ගැනීමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

