දේශීය පුවත්

කඩුගන්නාවෙන් නුවර පාර වසා දැමීම තවදුරටත් දීර්ග කෙරේ – නොවැ. 15 දින ගත් තීරණය මෙන්න

කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය පහළ කඩුගන්නාවේ සිට තවදුරටත් වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා පවසනවා. මාර්ගය නැවත විවෘත කිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 15 දින පෙරවරුවේ පැවති විශේෂ රැස්වීමක දී මෙම තීරණය ගෙන තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්, භූ විද්‍යා විශේෂඥයින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුන් සහ භූ ගර්භ මහාචාර්යවරුන් සිදු කළ ක්ෂේත්‍ර චාරිකාවකින් අනතුරුව කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා සහ පළාත් ආණ්ඩුකාරවරයා සමග මෙම සාකච්ඡාව පැවති අතර අද (15) දින නිරීක්ෂණයන් සහ ලබාගත් තොරතුරු මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් සහ අමාත්‍යාංශ මට්ටමින් වැඩිදුරටත් සාකච්ඡා කර, අවසන් තීරණයක් ගැනීමට ද තීරණය වී තිබෙනවා.

එම ස්ථානයෙන් බැස යන ජලය ආරක්ෂිතව බැසයාමට සැළැස්වීමේ කටයුතු හා ස්ථානීය ආරක්ෂණ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.

මේ අතර, මීරිගම සිට කුරුණෑගල දක්වා වූ අධිවේගී මාර්ග කොටස මේ මස දී විවෘත කිරීමට අපේක්ෂා කරන බව මහාමාර්ග අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේ දී පැන නැගුන ගැටළුවකට පිළිතුරු දෙමින් සඳහන් කළා.

Rivira FB Group Rivira Youtube
To Top