News

පොළොන්නරුවෙන් ගෑස් බිල්ලක්! 19 හැවිරිදි විවාහක කතක් මිය යයි

Update: – 19 හැවිරිදි කාන්තාව මිය ගියේ ගෑස් නිසා නොවේ – පොලීසියෙන් නිවේදනයක්

මුල් වාර්තාව පහතින්

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද ප්‍රදේශයේ නිවසක සිදුව ඇති පිපිරීමකින් තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක මිය ගොස් තිබෙනවා.

සඳුන්පිටිය හී නිවසක පසුගිය නොවැම්බර් 13 දින සිදුව ඇති බව කියන අදාළ ගෑස් පිපිරීම හේතුවෙන් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇති අදාළ කාන්තාව පසුව කොළඹ මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා. දින 12ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටි අදාළ 19 හැවිරිදි විවාහක කාන්තාව නොවැම්බර් 25 දින පස්වරුවේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියා සිටියා.

මූලික පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සිය නිවසේ ගෑස් උඳුන දැල්වීමට උත්සාහ කිරීමේ දී ගෑස් සිලින්ඩරය පුපුරා ගොස් ඇති බවට සැකකෙරෙන බවයි.

සිද්ධිය වන විට නිවසේ එම කාන්තාව පමණක් සිට ඇති අතර අසල්වාසීන් පැමිණ ගිනි නිවා තුවාල ලබා සිටි කාන්තාව වැලිකන්ද ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලීසිය පවසනවා..

සිදුවීම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස මියගිය කාන්තාවගේ පියා ඉල්ලා සිටින අතර ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෑතක දී ගන්නා ලද ගෑස් සිලින්ඩරයක් පුපුරා තම දියණියට මෙම අවාසනාවන්ත ඉරණම අත්වූ බවයි.

තවත් ගෑස් පිපිරීමක්, රටම අවදානමක?

Rivira FB Group Rivira Youtube
Rivira Ads
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top