කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ සිදුව ඇති බව කියන ගෑස් පිපිරීමකින් එම නිවසට දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය පොලීසිය පවසනවා.
නොවැම්බර් 26 දින පස්වරුවේ සිදුව ඇති එම පිපිරීමෙන් පසු ගින්නක් ද හටගෙන ඇති අතර එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොමැති වීම හේතුවෙන් කිසිඳු ජීවිත හානියක් සිදුව නොමැති බව ද පොලීසිය සඳහන් කළා.
ගෑස් ටැංකිය පුපුරා යාමට හේතුව ගෑස් කාන්දුවක් ද යන්න මෙතෙක් සොයා බැලීම සඳහා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව ද වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර පසුගිය නොවැම්බර් මස 13 දින සිදුව ඇති බව කියන ගෑස් පිපිරීමකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි කාන්තාවක් ඊයේ දින මියගොස් තිබේ. ඒ අනුව මෙතෙක් වාර්තා වූ ගෑස් පිපිරීම් බවට සැකකෙරන සිදුවීම් මෙසේය.
- නොවැම්බර් 04 – වැලිගම – කප්පරතොට – ඇවරියවත්ත ප්‍රදේශයේ පිහිටි හෝටලයක ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් 3 දෙනෙකු තුවාල ලබා තිබුණි.
- නොවැම්බර් 13 – පොලොන්නරුව දිස්ත්‍රික්කයේ වැලිකන්ද සඳුන්පිටිය හී නිවසක පසුගිය නොවැම්බර් 13 දින සිදුව ඇති පිපිරීමකින් තුවාල ලබා දින 12ක් අඛණ්ඩව ප්‍රතිකාර ලබමින් සිටි 19 හැවිරිදි විවාහක කාන්තාවක් නොවැම්බර් 25 දින පස්වරුවේ දී මියගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියා සිටියා.
- නොවැම්බර් 16 – රත්නපුර මධ්‍යම බස් නැවතුම ආසන්නයේ පිහිටි බේකරි නිෂ්පාදන අලෙවිහලක ගෑස් ටැංකියක් පිපිරීමෙන් ඇති වූ ගින්නකින් කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර තිබුණි.
- නොවැම්බර් 20 – කොළඹ තුරග තරග පිටිය අසල පිහිටි මැක්ඩොනල්ඩ් අවන්හලේ ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූ පිපිරීමකින් ද පුද්ගලයින් දෙදෙනෙකු සුළු තුවාල ලබා තිබුණි.
- නොවැම්බර් 26 – කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය, කන්දේගෙදර ප්‍රදේශයේ නොවැම්බර් 26 දින පස්වරුවේ සිදුව ඇති බව කියන ගෑස් පිපිරීමකින් එම නිවසට දැඩි හානි සිදුව ඇති බව නිකවැරටිය පොලීසිය පවසනවා.

