News

19 හැවිරිදි කාන්තාව මිය ගියේ ගෑස් නිසා නොවේ – පොලීසියෙන් නිවේදනයක්

කොළඹ ජාතික රෝහලේ පිළිස්සුම් ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියක වන කාන්තාව මියගිය හේතුව සම්බන්ධයෙන් පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයට අනුව, මීට පෙර වාර්තා වූ පරිදි පොළොන්නරුව වැලිකන්ද සඳුන්පිටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි කාන්තාව මියගොස් ඇත්තේ ගෑස් උදුන, සිලින්ඩරය හෝ රෙග්‍යුලේටරයේ දෝෂයකින් සිදුවූ ගිනිගැනීමකින් නොවන බවට පොලිස් විමර්ශන අනුව තහවුරු වී ඇති බව දක්වා ඇත.

පොලීසිය පවසන්නේ සිදුකර ඇති විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ කාන්තාව සිරුරට ගිනි තබා ගැනීම හේතුවෙන් සිදු වී ඇති බවයි. කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියා විසින් සිදු කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව බාහිර පිළිස්සීම් තුවාලවලට විෂබීජ ආසාදනය වීමක් බවට නිගමනය කර ඇති බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

පොළොන්නරුවෙන් ගෑස් බිල්ලක්! 19 හැවිරිදි විවාහක කතක් මිය යයි

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top