ඉදිරි මහමැතිවරණයට අපේක්ෂකයකු ලෙස තමන් ඉදිරිපත්වන බව දහම් සිරිසේන මහතා සදහන් කරනවා. සිරස රූපවාහිනියේ වැඩසටහනකට එක්වෙමින් නොවැම්බර් 29 දින ඔහු ඒ බව සඳහන් කළා.
හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් තාරක පල්ලෙවත්ත හෙවත් දහම් සිරිසේන 1993 ජනවාරි මස 17 දින උපත ලබා ඇති අතර මේ වනවිට 28 වැනි වියේ පසුවන විවාහකයෙකු වේ. ඔහු විවාහ වී සිටින්නේ එල්කාර්ඩෝ සමූහ ව්‍යාපාරයේ අධිපති, අතුල රොහාන් වීරරත්න මහතාගේ දියණියක වන නිපුණි වීරරත්න සමගයි.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දහම් සිරිසේන මහතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා ඇති පරිදි තමන් Northumbria විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර කළමණාකරණය පිළිබඳ විද්‍යාවේදී උපාධිධාරියෙකු වන අතර Girne American විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව හා රාජ්‍ය පරිපාලනය පිළිබඳ උපාධිධාරියෙකු වන බව දැක්වෙනවා.
එසේම මේ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොලොන්නරුව දිස්ත්‍රික් තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන්නේ ද දහම් සිරිසේන මහතායි.

