දේශපාලන

අර්ජුන රණතුංග අපේක්ෂා භංගත්වයට පත්වී එජාපය හැරයයි

එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා අමාත්‍යවරයෙකු වන අර්ජුන රණතුංග මහතා සිය පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

නොවැම්බර් 28 දිනැතිව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා අමතා යොමු කළ ලිපියක් මගින් ඔහු ඉල්ලා අස් වී ඇති අතර පසුගිය මැතිවරණයෙන් ලද පරාජයත් සමග නව වැඩපිළිවෙලක් සැකසෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් මෙතෙක් කල් පක්ෂය සමග රැඳී සිටි බව සිය ලිපියෙන් අර්ජුන රණතුංග මහතා පවසයි.

කෙසේ වෙතත් එවැනි වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කිසිඳු සූදානමක් ඇති බවක් පෙනෙන්නටවත් නොමැති වීම හේතුවෙන් තවදුරටත් පක්ෂ තුළ රැඳී සිටීමෙන් ඵලක් නොමැති බැවින් තමන් සිය පක්ෂ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව දැනුම් දී ඇත.

හිටපු අමාත්‍යවරයා යොමුකළ ඉල්ලා අස්වීමේ සම්පූර්ණ ලිපිය පහතින්.

Rivira FB Group Rivira Youtube
To Top