News

දිවයිනේ ප්‍රදේශ රැසක විදුලිය බිඳ වැටෙයි, සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක්

දිවයිනේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වේ. නොවැම්බර් 29 දින පස්වරු 7.20ට පමණ තමන්ට විදුලිය විසන්ඳි වූ බව පාරිභෝගිකයින් පවසනවා.

මේ වනවිට වාර්තා වන පරිදි කොළඹ දිස්ත්‍රික්කයේ ගල්කිස්ස, මොරටුව, පිළියන්දල හා අතුරුගිරිය යන ප්‍රදේශවලින් ද රත්නපුර, බදුල්ල, නුවරඑළිය, මාතලේ ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකින් ද මෙලෙස විදුලිය බිඳ වැටීම වාර්තා වී ඇති බවට පාරිභෝගිකයින් චෝදනා කර සිටී.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ කොත්මලේ විදුලි බලාගාරයේ සිට බියගම බලාගාරය දක්වා වූ විදුලිය සම්ප්‍රේෂණ රැහැන් පද්ධතියේ හටගත් බිඳ වැටීමක් හේතුවෙන් මෙම තත්වය ඇති වී තිබෙන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top