දේශීය පුවත්

පෙරදිග ධාන්‍යාගාරයේ සහල් මිල පාලනයට මියන්මාරයෙන් සහල් ආනයනයට පියවර

වෙළඳපොලේ මිල ස්ථායි කොට හිඟයකින් තොර ව ප්‍රමාණවත් සහල් තොග පවත්වාගැනීම සඳහා සහල් මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට රජය ගෙන තිබූ තීරණය අනුව සහල් මෙට්‍රික් ටොන් 20,000 ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා රජය හා මියන්මාර රජය අතර ඇති කරගන්නා ගිවිසුමක් යටතේ මෙම සහල් තොගය ආනයනය කිරීමට තීරණය කර ඇත. සහල් මෙට්‍රික් ටොන් 1ක් ඇමරිකානු ඩොලර් 460 බැගින් සීමාසහිත ශ්‍රී ලංකා රජයේ වාණිජ නීතිගත සංස්ථාව මඟින් ආනයනය කටයුතු සිදු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top