දේශීය පුවත්

කංසා අපනයනය නීතිගත කරන්න ඇමති සිසිරගෙන් මාස 3ක් ඇතුළත පනතක්

කංසා අපනයනය නීතිගත කිරීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා. මේ බව අනාවරණය වූයේ ඊට අදාළව නව පනත් කෙටුම්පතක් ගෙන එන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය, නීතිඥ සිසිර ජයකොඩි සඳහන් කිරීමත් සමගයි.

දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා නොවැම්බර් 30 දින පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ කංසා අපනයනය නීතිගත කිරීමට අදාළ නව පනත් කෙටුම්පතක් ඉදිරි මාස තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

Rivira FB Group Rivira Youtube
To Top