දිනෙන් දින ඉහළ යන ගෑස් අනතුරු සම්බන්ධයෙන් සමාජය තුළ විශාල භීතිකාවක් පැතිරගොස් ඇති මොහොතක මාධ්‍ය හමුවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්සකුට්ටි ආරච්චි පවසන්නේ ගැටළුව ඇත්තේ ගෑස් සංයුතියේවත් ගෑස් ටැංකියේවත් නොව ගෑස් ළිපේ බවයි.
ගෑස් පිපිරීම් සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් දෙසැම්බර් 01 දින මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේ “විශේෂඥයින් විද්වතුන් අතර චූටි ස්ථානයක සිටින” තම “ටිකිරි මොලයට” තේරුම්ගත හැකි පරිදි ගැටළුව ඇත්තේ ගෑස් ළිප් තුළ බව තමන් විශ්වාස කරන බව යි. වීදුරුවක් සහිත ගෑස් ළිප් වෙළෙඳපොලේ අඩු මිලට පවතින බව කියන මන්ත්‍රීවරයා පවසන්නේ එවැනි ප්‍රමිතියකින් තොර ලිප් හේතුවෙන් මෙය සිදුවන බවයි.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් දැක්වූ අදහස් පහතින්.
“වැරදි දැන් හැම තැනම කතා වෙනවා. මේ වැරදි කතාවක් කියනවා මේ ගෑස් පිපිරෙනවා, ගෑස් පිපිරෙනවා කියලා. මං අභියෝගයක් කරනවා මේ කිසිම තැනක ගෑස් පිපිරිලා නෑ, ගෑස් ටැංකියක් පිපිරිලා නෑ. ඉතා පැහැදිලිව මතක තියාගන්න, මේ පිපිරෙන්නෙ ගෑස් ලිප. මේක හරියට බඩේ කැක්කුම තියෙනකොට කකුලෙ කැක්කුම ගැන කියනවා වගේ. කකුලට බේත් බඳිනවා වගේ. පුන පුනා කියනවා ගෑස් සංයුතියේ ප්‍රශ්නයක් නෑ කියලා, ගෑස් සිලින්ඩරයේ ප්‍රශ්නයක් නෑ කියලා, ඉතා පැහැදිලිව මතක තියා ගන්න. අපි පරීක්ෂණ කරන්න ඕනෙ ගෑස් සංයුතිය ගැනවත් ටැංකිය ගැනවත් නෙවෙයි. දැන් හොයන්න ඕනේ ගෑස් ලිප සම්බන්ධව.”

