දේශීය පුවත්

පස්වරු 4.15න් පස්සෙ විදුලිය ඇණහිටියොත් පසුදා වන තුරු අඳුරේ – විදුලි ඉංජිනේරුවන් දැඩි තීරණයක

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට පිවිස සිටින ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය විසින් සිය වෘත්තීය ක්‍රියාමාර්ග දැඩි කර තිබෙනවා. ඒ අනුව, පැය 8ක සේවා කාලයෙන් බාහිරව සිදුවන හදිසි විදුලි බිඳ වැටීම් යථා තත්ත්වය⁣ට පත් කිරීමේ කටයුතුවලින් ඉවත් වීමට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය තීරණය කර තිබෙනවා.

දෙසැම්බර් 01 දින පස්වරුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා වැඩිදුරටත් කියා සිටියේ අද (01) සිට අකුරට වැඩ කිරීමේ දෙවන අදියර ක්‍රියාත්මක කරන බවයි.

ඉල්ලීම් 06 ක් මුල් කරගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පසුගිය 25 දින පස්වරු 12 සිට අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීරණ විය. ඒ නිව්ෆෝට්‍රස් ගනුදෙනුව අත්හිටුවීම ඇතුළු ඉල්ලීම් මුල් කරගෙනයි. එම ඉල්ලීම් මෙසේය.

  • අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රස් LNG ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම.
  • දැනට සිදු වන LNG ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම.
  • විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම.
  • 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම.
  • සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම.
  • ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම.

මේ අතර පසුගිය දා සිදුවුන විදුලිය බිඳ වැටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවට චෝදනා කරමින් විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබෙනවා.

නොවැම්බර් 29 දින රාත්‍රියේ සිදුවූ විදුලිය බිඳවැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඉල්ලා ලංකා විදුලිබල මණ්ඩලය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නොවැම්බර් 30 දින මෙලෙස පැමිණිල්ලක්
ඉදිරිපත් කර තිබේ.

Rivira FB Group Rivira Youtube
To Top