නීති විරෝධී මුදල් සම්පේ‍්‍රෂණ ක‍්‍රම මගින් මුදල් බෙදා හරින හා ලබාගන්නා අයගේ බැංකු ගිණුම් වහාම කි‍්‍රයාත්මක වන පරිදි අත්හිටුවනු ලබන බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසනවා.
දෙසැම්බර් 02 දින ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් සියළුම සංක්‍රමණික ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ගේ ඉපැයීම් නැවත ගෙන්වා ගැනීම සඳහා නීත්‍යානුකූල මාර්ග පමණක් භාවිතා කරන ලෙසයි. අදාළ පණිවුඩය පහතින්.
“Bank accounts of those who distribute and receive money through unlawful money transmission methods will be frozen with immediate effect: @CBSL urges all migrant Sri Lankans to use only legal channels to repatriate their earnings.”
මහබැංකුව වැඩිදුරටත් තීරණය කර ඇත්තේ විදේශසේවා නියුක්තිකයන්ට ශ්‍රී ලංකාවේ බැංකු ඇතුළු විධිමත් මුදල් හුවමාරු ක්‍රමවේදයන් හරහා දෙසැම්බර් මාසය තුළ රුපියල්වලට මාරු කරන සෑම ඩොලරයකට වැඩිපුර රුපියල් 10ක් ලබා දීමටයි.

