ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කිරීම හා ඒ පිළිබඳ විසඳුම් සෙවීමේ ජනාධිපති කමිටුව විසින් දෙසැම්බර් 02 දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එහි සභාපති මහාචාර්ය ශාන්ත වල්පොලගේ මහතාගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ ‘පළමුව ආරක්ෂාව’ නම් තේමාව යටතේ ගෑස් අනතුරු වළක්වා ගැනීමට ක්ෂණිකව ගතයුතු පියවර ගැන දැනුවත් කිරීම සිය පළමු කටයුත්ත වී ඇති බවයි.
එම වාර්තාවේ සඳහන් පරිදි 2021.01.01 සිට 2021.12.01 දින දක්වා ගෑස් කාන්දු වීම් 47ක් ද ඇතුළුව ගෑස් සම්බන්ධ සිදුවීම් 131ක් වාර්තා වී ඇති බවයි. එහෙත් කිසිඳු අවස්ථාවක ගෑස් ටැංකි පුපුරා යාමක් වාර්තා වී නොමැති බව ද එම කමිටුව විසින් හඳුනාගෙන ඇති බව සඳහන්.
ඒ අනුව, ගෑස් සම්බන්ධ යම් අනතුරක් නිරීක්ෂණය වන්නේ නම් හෝ සිදුවුවහොත් ගෑස් අලෙවි නියෝජිතයාට, ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ මෙම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා පත්කර ඇති විශේෂ ජනාධිපති කමිටුවට ඒ බව දැනුම්දෙන ලෙසය.
එම කමිටුවේ දුරකථන අංක –
0115 811 927
0115 811 929
එම සම්පූර්ණ වාර්තාව පහතින්,

