දේශීය පුවත්

රට වටේම විදුලිය බිඳවැටෙයි

දිවයින පුරා ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී තිබෙනවා. දෙසැම්බර් 03 දින පෙරවරු 11.30ට පමණ එලෙස විසන්දි වූ විදුලිය සැපයුම යථා තත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය අසමත් වී තිබෙනවා.

දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම පාහේ වාර්තා වන විදුලිය බිඳ වැටීම සම්බන්ධයෙන් නිශ්චිත හේතුවක් ඉදිරිපත් කිරිමට ද විදුලිබල මණ්ඩලය හා අමාත්‍යාංශය අපොහොසත් වීම ද විශේෂත්වයකි.

අකුරට වැඩ කියූ විදුලි ඉංජිනේරුවන් ද සිය රාජකාරි පැය 8 තුළවත් අඛණ්ඩව විදුලි සැපයුම පවත්වාගැනීමට අපොහොසත් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පාරිභෝගිකයින් පවසන්නේ වෙනත් රටවල විදුලි බිඳ වැටීමක දී පාරිභෝගිකයින් වෙත වන්දි ලබා දෙන බවයි. අප රටේ ඒ වෙනුවට සිදුවන්නේ විදුලි අවශ්‍යතාවය නිවැරදිව සැපයීමේ ක්‍රමවේදයක් සකසනවා වෙනුවට හදිසි මිල දී ගැනීම් හරහා විදුලි ඉංජිනේරුවන් සතු පුද්ගලික බලාගාර මගින් විදුලිය ලබාගෙන විදුලි ඉංජිනේරුවන් පොහොසතුන් කිරීම බවට ඔවුන් චෝදනා කර සිටිනවා.

Rivira FB Group Rivira Youtube
To Top