දේශීය පුවත්

ලිත්‍රෝ හා ලාෆ්ස් ගෑස් බෙදා හැරීම වහාම අත්හිටුවයි

මෙරට ගෘහස්ථ ගෑස් සිලින්ඩර සපයන සමාගම් දෙකම ගෑස් බෙදාහැරීමේ කටයුතු තාවකාලිව අත්හිටුවා තිබෙනනවා. ලිට්‍රෝ සහ ලාෆ් යන සමාගම් විසින් නිකුත් කරන ලද ගෑස්වලින් ගන්දය වහනය වීම සඳහා යොදන “එතිල් මර්කැප්ටන්” නමැති ද්‍රව්‍ය ඇතුළත්ව නොමැති බවට ලැබුණු වාර්තා මත එය නිවැරදි කරන තෙක් ගෑස් සැපයුම අත්හිටුවීමට තීරණය කළ බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.

ගෘහස්ථ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් ඊයේ (02) රාත්‍රියේ දී පැවැතී විශේෂ සකච්ඡාවක දී මෙම තීරණයට එළැඹ ඇත.

ගෑස් සැපයුම අත්හිටුවීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් ලිත්‍රෝ සමාගම පවසා සිටියේ ගෑස් ප්‍රමිතිය සම්බන්ධයෙන් නිසි සහතිකයක් ලැබෙන තෙක් ගෑස් බෙදාහැරීම තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බවයි.

Rivira FB Group Rivira Youtube
To Top