දේශීය පුවත්

විදුලි සැපයුම බිඳ වැටීමට හේතුව කොත්මලේ බියගම සම්ප්‍රේෂණ පද්ධතියේ දෝෂයක් ලු

දිවයින පුරා විදුලි සැපයුම බිඳ වැටීමට හේතුවී ඇත්තේ කොත්මලේ සිට බියගම දක්වා වූ විදුලි සම්ප්‍රේෂණ පද්ධතියේ සිදුව ඇති තාක්ෂණික දෝෂයක් බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

දෙසැම්බර් 03 දින පෙරවරු 11.30ට පමණ එලෙස විසන්දි වූ විදුලිය සැපයුම මෙතෙක් යථා තත්වයට පත් කිරීමට විදුලි බල මණ්ඩලය අසමත් වී ඇති අතර කොළඹ පිහිටි රෝහල්වල විදුලි සැපයුම යථා තත්වයට පත් කළ බව විදුලිබල මණ්ඩලය පවසනවා.

මේ අතර විදුලි සැපයුම බිඳ වැටීමත් සමග කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල ජල සැපයුම ද බිඳ වැටී තිබෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top