පාකිස්තානයේ සියල්කොට් හී කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකු මිලේච්ඡ පාකිස්ථානුවන් පිරිසක් විසින් අමානුෂික ලෙස පහර දී පුළුස්සා මරාදැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් “ප්‍රධාන සැකකරුවෙකු” ඇතුළු පුද්ගලයින් 100 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව එරට පන්ජාබ් පොලීසිය උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කර ඇත.

පාකිස්තානයේ සියල්කොට් හී දී මෙලෙස ඝාතනයට ලක්වූයේ රාජ්කෝ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස සේවය කළ කඩවත, ගණේමුල්ල, පොකුණ හංදිය ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙකු වන ප්‍රියන්ත කුමාර දියවඩන නමැති ශ්‍රී ලාංකික ඉංජිනේරුවරයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඔහු 2010 වසරේ සිට පාකිස්ථානයේ සේවය කළ ඉස්ලාම් භක්තිකයෙකු නොවන අයෙකි. මිය යන විට ඔහු 40 වැනි වියේ පසු වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඉස්ලාමයේ නබි මුහම්මද්තුමාගේ නම සහිත පෝස්ටර් කිහිපයක් ගලවා ඉවත් කරමින් ඔහුව අපකීර්තියට පත් කළ බවට අදාළ මිලේච්ඡයින් ප්‍රියන්තට චෝදනා කරමින් ඔහු මරා දමා ඇති බවය.
ප්‍රියන්ත කුමාර තම ජීවිතය බේරා ගැනීම සඳහා ඉහළ මාලයට දිව ගිය නමුත් කම්හලේ සේවකයෝ ඔහුව වහලය මත වට කර පහර දී ඇදගෙන යාමට පටන්ගෙන ඇති අතර කර්මාන්තශාලා ආරක්ෂකයින් එය වැළැක්වීමට අසමත් වී ඇත.
සටන් පාඨ කියමින් ත්‍රස්තවාදීන් ලෙස හැසිරුණු මිලේච්ඡ පාකිස්ථානුවන් පිරිස ප්‍රියන්ත කුමාර මහමගට ඇද දමා පයින්, ගල්මුල් සහ යකඩ පොලුවලින් වද හිංසා පමුණුවා පාර දිගේ ඇදගෙන ගොස් ගිනි තබා ඇත.
this is the horrible video of recent srilankan Priyantha Diyawadana burning. Most workers do not join the gang, but there are a large number of videos condemning this horrific act, videotaped from a distance.@vg123e @ThilinaPrasang4 @HapugodaP @munza14 @Renishkaaa pic.twitter.com/nMVbxk4gWI
— bandhini fernando (@BandhiniF) December 3, 2021
ප්‍රියන්ත දියවඩනගේ මෝටර් රථයට කර ඇති හානිය පහතින්.
Priyantha Diyawadana's car was broken and damaged. And dragged out of the car.#SriLankan #pakistan #Islamabad pic.twitter.com/MzEOyXzYbX
— bandhini fernando (@BandhiniF) December 3, 2021
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියේ ශ්‍රී ලාංකිකයෙකු පුළුස්සා මරාදැමීමේ සිද්ධිය පාකිස්තානයට ලැජ්ජාව ගෙනදුන් දිනයක් බවත් තමන් පරීක්ෂණ කටයුතු නිරීක්ෂණය කරන බවත් සිද්ධියට වගකිව යුත්තන්ට නීතියෙන් දැඩි දඬුවම් ලබාදෙන බවත්ය.
දෙසැම්බර් 04 දින පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයක් කරමින් මෙම සිදුවීම දැඩිව හෙළා දකින බව සභානායක, දිනේෂ් ගුණවර්ධන කියා සිටියා.
පකිස්ථානයේ දී අන්තවාදී මැර පිරිසක් විසින් ප්‍රියන්ත දියවඩනට එල්ල කරන ලද ම්ලේච්ඡ හා මාරාන්තික ප්‍රහාරය දැකීමෙන් තමන් කම්පා වන බවත් පාකිස්ථානු අග්‍රාමාත්‍යවරයා ඊට සම්බන්ධ සියලු දෙනා නීතිය ඉදිරියට පමුණුවාලීමට කැපවී සිටිනු ඇති බව තමන් විශ්වාස කරන බවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා.
ප්‍රියන්ත කුමාර දියවඩන අමානුෂික ලෙස ඝාතනය කළ මිලේච්ඡයින් විසින් තමන්ගේ ක්‍රියාව පිළිබඳ උද්ධාමයෙන් අදහස් පළ කරන වීඩියෝවක් සමාජ ජාල තුළ ප්‍රචාරය වෙයි. එය පහතින්.
The sense of impunity is so high these boys are giving interviews on how they killed Priyantha Diyawadana. This is pretty much what a failed state looks like. pic.twitter.com/bnKDgCqla8
— Gul Bukhari (@GulBukhari) December 3, 2021
මිලේච්ඡ ඝාතකයින්ගේ කළ ප්‍රකාශයේ ලිහිල් පරිවර්තනය මෙසේය, “හුසේන්ගේ නම කඩදාසියේ ලියා තිබුණි. ඔහු කඩදාසිය ඉරා විසි කළේය. ඒක වැරදියි කියලා මම මගේ සගයාට දන්වලා තිබුණා. මම කළමනාකාරීත්වය සමඟ පවා කතා කර ඇත්තෙමි. ඒ වගේම අපි එකට රැස්වෙලා හිටියේ ඒ හේතුව වෙනුවෙන්. අපි ඔහුට තෙල් වත් කර ගිනි තැබුවෙමු. එසේ කරන ඕනෑම කෙනෙකුට එකම ප්‍රතිචාරය ලබා දෙනු ඇත. මුහම්මද් නබිතුමා වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට අපි සූදානම්. අපගේ හදීස්වල පැහැදිලිව සඳහන් කර ඇත්තේ අපගේ නබිවරුන්ට අපහාස කරන අයගේ හිස ගසා දැමිය යුතු බවයි. නබි වෙනුවෙන් ජීවිතය පූජා කිරීමට සූදානම්. මගේ නම මොහොමඩ් කලාම් ෆර්හාන්. මොහොමඩ් ෆර්හාන්. හුසේන්ගේ නම කඩදාසියක ලියා තිබුණි. ඔහු ඇවිත් එය කුණු බක්කියට දැම්මා. අපිට ඒක දරාගන්න බැරි වුණා. අපි ඔහු සමඟ කතා කර තිබෙනවා. කළමණාකාරතුමාගේ වැරදි වැඩ ගැන කතා කරන්න කියලා අපි ඉල්ලීමක් කරලා තිබුණා. අපි වැඩ නොකර ඉන්න තීරණය කළා. අපි මිනිසුන් ගෙන්වා ඔහුව ගිනි තැබුවා.”

