ව්‍යාපාර

SLT Campus විකුණා දැමීමට ටෙලිකොම් තීරණය කරයි

SLT Campus පුද්ගලික සමාගමේ පූර්ණ හිමිකාරීත්වය අලෙවි කිරීමට ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී තීරණය කර තිබෙනවා. රජයට වැඩි කොටස් හිමිකාරීත්වයක් ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් දැනට පූර්ණ හිමිකාරීත්වය දරන SLT Campus (ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාලය) විකුණා දැමීමට තීරණය කර ඇත්තේ රුපියල් මිලියන 410කට බව ද වැඩිදුරටත් වාර්තා වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත මේ වනවිටත් අදාළ තීරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ටෙලිකොම් දැනුම් දී ඇති අතර ගැනුම්කරු ලෙස අනාවරණය වී ඇත්තේ Tempest Two නම් පුද්ගලික සමාගමකි.

Rivira FB Group Rivira Youtube
To Top