කොවිඩ්-19

ශ්‍රී ලංකාවේ ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළට

(RIVIRA.LK, 2021 දෙසැම්බර් 16, පස්වරු 03.45ට)

ශ්‍රී ලංකාවේ දී හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ඔමික්‍රෝන් ප්‍රභේදයේ ආසාදිතයින් ගණන 4 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා ප්‍රතිශක්තිවේදය හා සෛල ජීව විද්‍යා අංශයේ ප්‍රධානී, ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් දෙසැම්බර් 16 දින පැවසීය.

මේ වනවිට මෙරට සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 576,966ක් ලෙස සටහන් වන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා. ඒ අනුව, මේ විට නිකුත් කර ඇති වාර්තා අනුව සුවය ලබා ඇති මුළු සංඛ්‍යාව 546,498කි. සමස්ත ආසාදිතයින් අතුරින් 14,677 දෙනෙකුට දිවි අහිමි වී තිබෙනවා. සක්‍රීය ආසාදිතයින් ගණන 15,791ක් වන බව ද වසංගත රෝග විද්‍යා අංශයේ දත්ත පද්ධතිය පෙන්වා දෙනවා.

Rivira FB Group Rivira Youtube
To Top