වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ල වූ කුරුණෑගල රෝහලේ වෛද්‍ය සාෆි ශහබ්දීන් වෙත හිඟ වැටුප් නොගෙවීම සම්බන්ධයෙන් තමා වෙත හේතු දක්වන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා දෙසැම්බර් 06 දිනැතිව යොමු කර තිබූ ලිපියට කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා විසින් දෙසැම්බර් 10 දිනැතිව පිළිතුරු දී තිබෙනවා.
වඳ සැත්කම් චෝදනාවට ලක් වූ සාෆි හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි.
ඒ අනුව, වත්මන් රෝහල් අධ්‍යක්ෂවරයාගේ පැහැදිළි කිරීම අනුව මුලික විමර්ශනයේ දී වෛද්‍යවරයා වැරදිකරු වී ඇති බව පෙන්වා දී ඇත. එහිදී සිංහල මව්වරුන්ගේ ප්‍රජනන පද්ධතියට හානිවන අයුරින් කටයුතු කර ඇති බව අනාවරණය වී ඇති බව ද කුරුණෑගල රෝහල් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත. එම ලිපිය හා ඇමුණුම් මෙහි පහතින් දැක්වේ.
කෙසේ වෙතත්, රාජ්‍ය සේවා කොමිසම විසින් අදාළ වෛද්‍යවරයාව නැවත සේවයේ පිහිටුවන ලෙස කිසිඳු නියෝගයක් නිකුත් කර නොමැති බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.
සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මීට පෙර අවස්ථාවක දී ද අදාළ වෛද්‍යවරයාව සේවයේ පිහිටුවන ලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාව නියෝග කළ බවට වූ වාර්තාවක් එම කොමිසම විසින් ප්‍රතික්ෂේප කොට තිබූ බවයි. එම නිවේදනය මෙතැනින්.
වෛද්‍ය සාෆි ගැන රාජ්‍ය සේවා කොමිසමෙන් විශේෂ නිවේදනයක්

