News

ජනාධිපති ලේකම්ධූරයේ රාජකාරි ඇරඹූ ගාමිණි සේදර සෙනරත්

ගාමිණි සෙනරත් මහතා ජනාධිපති ලේකම් ධුරයේ රාජකාරි ආරම්භ කර තිබේ. ජනවාරි 19 දින පෙරවරුවේ කොටුව ජනාධිපති ලේකම් කාර්යාලයේ දී රාජකාරි ආරම්භ කර තිබෙන අතර ඒ වනවිට අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේය. ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය යටතේ පත්වන දෙවන ජනාධිපති ලේකම්වරයා වේ.

ආචාර්ය පී. බී ජයසුන්දර මහතා ජනාධිපති ලේකම්ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ධූරයට ඔහු පත්කර ඇති අතර නව අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස වාරිමාර්ග අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කළ අනුර දිසානායක මහතා පත් කිරීමට නියමිතව ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

ගාමිණි සෙනරත් යනු කවුද?

කැලණිය විශ්වවිද්‍යාලයෙන් සිය ප්‍රථම උපාධිය හදාරා ඇති ගාමිණි සෙනරත් මහතා 1984 වර්ෂයේ දී ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක්විය. කොළඹ විශ්වවිද්‍යාලයෙන් පරිගණක තාක්ෂණය පිළිබඳව පශ්චාත් උපාධිය හිමිකරගත් ඔහු විදේශ අධ්‍යයන පාඨමාලා රැසක් හදාරා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූරය හෙබ වූ අවධියේ ජනාධිපති අතිරේක ලේකම් හා කාර්ය මණ්ඩල ප්‍රධානී වශයෙන් සේවය කළ ගාමිණි සෙනරත් මහතා එම කාලය තුළ මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සහ ලිට්‍රෝ ගෑස් යන ආයතනවල සභාපතිවරයා ද විය.

  • 1984 – 1985 කාලය තුළ පදවි ශ්‍රී පුර සහකාර ප්‍රාදේශීය ලේකම්
  • 1985 – 2002 ආගමන විගමන දෙපර්තමේන්තුවේ සහකාර පාලක, ජ්‍යෙෂ්ඨ සහකාර පාලක, නියෝජ්‍ය පාලක
  • 2002 – 2003 ප්‍රවාහන , මහාමාර්ග සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සිවිල් ගුවන් සේවා)
  • 2004 – 2005 අග්‍රමාත්‍ය අතිරේක ලේකම්
  • 2005 – 2015 ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජනාධිපති අතිරේක ලේකම්

ගාමිණි සෙනරත් මහතාට එරෙහි නඩුවට මොකද උනේ?

ලිට්‍රෝ සමාගමට අයත් රුපියල් මිලියන 500 කට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන්, නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවෙන් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය 2019 වසරේ දී තීන්දු කර ඇත.

To Top