ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහා යළිත්වරක් නව සභාපතිවරයෙක්ව පත්කර ඇති බව වාර්තා වෙයි. ඒ අනුව, ආචාර්ය ප්‍රසන්ත ජයමාන්න මහතා පත්කළ බව වරාය සහ නාවික අමාත්‍යංශය ජනවාරි 19 දින නිවේදනය කළේය.
මීට පෙර ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නියෝජ්‍ය සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ. නව පත් කිරීමට පෙර ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියේ නිහාල් කැප්පෙටිපොළ මහතා ය.

