News

“මුළු රටම හරි මගට” ගන්න ගිය විමල් හා උදය කැබිනට්ටුවෙන් නෙරපයි

කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ සහ බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල යන මහත්වරුන්ව එම කැබිනට් අමාත්‍යධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

“මුළු රටම හරි මගට” නමින් ජාතික ප්‍රකාශනයක් ඉදිරිපත් කරමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කළ පක්ෂ 11ක් මාර්තු 02 දින ආණ්ඩුව සහ ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන්ව දැඩි ලෙස විවේචනය කර දිනක් ගත වීමටත් මත්තෙන් මෙම ඉවත් කිරීම සිදුව තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (II) (ආ) ව්‍යවස්ථාව යටතේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මාර්තු 03 දින පස්වරුවේ සිය ධුර වලින් ඉවත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනය කර තිබෙනවා.

To Top