දේශපාලන

විමල්ට හා ගම්මන්පිලට සාධාරණයක් ඉටු කරන තුරු ඇමති වාසුදේව ඇමතිධූරයේ කටයුතුවලින් ඉවත් වෙයි

අමාත්‍යධූරවලින් ඊයේ දින (මාර්තු 03) සිට ඉවත් කෙරුණු උදය ගම්මන්පිල සහ විමල් වීරවංශ යන මහත්වරුන් දෙදෙනාට සාධාරණයක් ඉටුවන තුරු තමා සිය අමාත්‍යධූරයේ කටයුතු කිරීමෙන් වැළකී සිටින බව ජලසම්පාදන කැබිනට් අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය. කොළඹ හෝටලයක දී මාර්තු 04 දින පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.

ඒ අනුව, රජයේ නායකත්වය විමල් හා ගම්මන්පිල යන දෙපළ ඒ ඇමතිධූරවලින් ඉවත් කිරීම වරදක් බව රටම කියන බවත්, ඔවුන්ට සාධාරණයක් ඉටු කරන තුරු තමන් කැබිනට් රැස්වීම් ද වර්ජනය කරන බව ඔහු සඳහන් කළේය.

අවදානම පෙන්වූ විට අවදානම පෙන්වූ අය ඉවත් කිරීම සම්පූර්ණයෙන් වැරදි වැඩක් බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Rivira FB Group Rivira Youtube
To Top