ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (එල්.අයි.ඕ.සී) මාර්තු 10 දින මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල දැවැන්ත ලෙස ඉහළ දැමීමට තීරණය කර තිබේ. ඒ අනුව, ඩීසල් ලීටරයක මිල රුපියල් 75 කින් සහ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 50 කින් ඉහළ දමා ඇති බව එම සමාගම පවසයි.
එම ඉහළ දැමීමත් සමඟ පෙට්‍රල් ලීටරයක් රුපියල් 204 සිට රුපියල් 254 දක්වා ද, ඩීසල් ලීටරයක් රුපියල් 139 සිට රුපියල් 214 දක්වා ද, ඉහළ ඉහළ ගොස් ඇති අතර ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 283 දක්වා ද ඉහළ ගොස් තිබේ.
මෙය ඉතිහාසයේ එක්වරකදී තෙල් මිල මෙතරම් ප්‍රමාණයකින් ඉහළ දැමූ පළමු අවස්ථාවයි.

