දේශීය පුවත්

ආර්ථික අර්බුදය – ඩොලරයට සාපේක්ෂව ඖෂධ මිල ඉහළ දැමීමට රජය අවසර දෙයි

ශ්‍රී ලංකා මහබැංකුව විසින් ස්ථිර අගයක පවත්වාගෙන ගිය ඩොලරය පා වීමට ඉඩ හැරීම තුලින් මේ වනවිට රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර ඇතැම් බැංකුවල ඩොලරයක් රුපියල් 260කට ආසන්න අගයකට ඉහළගොස් තිබෙනවා.

ඒ අනුව, එම අගයට සමානුපාතිකව ඖෂධ මිල සාධාරණ ලෙස ඉහළ දැමීමට අවසර දුන් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ මාර්තු 10 දින ඖෂධ සමාගම් සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

මෙම තත්වය හේතුවෙන් මේ වනවිට වෙළඳපොලේ දැඩි ඖෂධ හිඟයක් පවතින අතර මිල ඉහළ දැමිමට අනුමැතිය ලබා දීමත් සමග ඖෂධ ගෙන්වීමේ හා බෙදා හැරීමේ කටයුතු යළි ආරම්භ කිරීමට ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීම් සමාගම් එකඟ වී තිබෙනවා.

ඖෂධ සමාගම් පවසන්නේ ඩොලරයේ ඉහළ යෑමත් සමඟ වෙළෙඳපොළේ පැරසිටමෝල්, තයිරොක්සින්, හෝමෝන් වර්ග, දරුවන්ට දෙන සිරප් වර්ග මිල දී ගැනීමේදී හිඟයක් පවතින බව යි.

Rivira FB Group Rivira Youtube
To Top