දේශීය පුවත්

ආර්ථික අර්බුදය – රටින් යන්නත් ගණන් උස්සයි, ගුවන් ටිකට් මිලත් ඉහළට

ශ්‍රී ලංකාව සමග ගුවන් සම්බන්ධතා පවත්වනු ලබන සියලු ගුවන් සේවා මගින් නිකුත් කරනු ලබන ගුවන් ප්‍රවේශපත් මිල මාර්තු 11 සිට සියයට 27 කින් ඉහළ දමන බව ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය එක්වරම ඉහළ ප්‍රමාණයකින් ඉහළ යාම මිප ඉහළ නැංවීමට හේතු වී තිබේ. මේ අනුව, සියලුම ගුවන් සේවාවන් සිය ප්‍රවේශ පත්‍ර ගාස්තුව 27% කින් ඉහළ නැංවීමට කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් වීසා ගාස්තු ඇතුළු විදේශගත වීමේ දී ඒ ඒ රටවලින් අය කෙරෙන වෙනත් ගාස්තු රුපියල් අගයකින් තීරණය කර නොමැති බැවින් එහි මිල වෙනස් නොවනු ඇති බව තානාපති අංශ තහවුරු කරයි.

Rivira FB Group Rivira Youtube
To Top