ඩොලරය ඉහළ යාමත් සමග තිරිඟු පිටි මිලත් මාර්තු 11 දින සිට ඉහළ දමා තිබේ.
සෙරන්ඩිබ් සමාගම නිවේදනය කළේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 35කින් ඉහළ දමා ඇති බවයි. මෙම මිල වැඩි කිරීම අද සිට ක්‍රියාත්මක වන බව එම සමාගම පවසයි.
මේ අතර ප්‍රීමා සමාගම ද තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 40කින් ඉහළ නංවා ඇති බවයි. ප්‍රීමා සමාගමේ මිල වැඩිවීමද අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මේ සම්බන්ධයෙන් බේකරි නිෂ්පාදකයින්ගෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ගෑස් මිල ඉහළ යාම, තිරිඟු පිටි මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, උපකරණ ගෙන්වීම තහනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් තම ව්‍යාපාරයට ප්‍රබල ලෙස බලපෑම් කර ඇති බැවින් ඉතා ඉහළ මිල වැඩිවීමක් සිදුවිය යුතුව පවතින බවයි. නමුත් එවැනි මිල ඉහළ දැමීමකින් පසු තම ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්වනු ඇති බැවින් සංගමයේ සාමාජිකත්වය සමග සාකච්ඡා කර මිල ඉහළ දැමීම කොතරම් ප්‍රමාණයකින් සිදුකරන්නේ ද යන්න තීරණය කරන බව බේකරි නිෂ්පාදකයින් පවසයි.

