Business

ආර්ථික අර්බුදය – පාන් ගෙඩියක් රුපියල් 20ත් 30ත් අතර මුදලකින් හා බනිස් ගෙඩියක් රුපියල් 10කින් ඉහළ දමන්න තීරණයක්

තිරිඟු පිටි මිල ඉහළ නැංවීමට සමගාමීව බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි නිෂ්පාදකයින් පවසයි. මේ අනුව, ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියක් 20ක් 30ක් අතර මිලකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මේ සම්බන්ධයෙන් මාර්තු 11 දින බේකරි නිෂ්පාදකයින්ගෙන් කළ විමසීමක දී ඔවුන් සඳහන් කළේ ගෑස් මිල ඉහළ යාම, තිරිඟු පිටි මිල ඉහළ යාම, ඉන්ධන මිල ඉහළ යාම, උපකරණ ගෙන්වීම තහනම් කිරීම ඇතුළු කරුණු ගණනාවක් තම ව්‍යාපාරයට ප්‍රබල ලෙස බලපෑම් කර ඇති බැවින් ඉතා ඉහළ මිල වැඩිවීමක් සිදුවිය යුතුව පවතින බවයි.

නමුත් එවැනි මිල ඉහළ දැමීමකින් පසු තම ව්‍යාපාරය පවත්වාගෙන යා නොහැකි තත්වයකට පත්වනු ඇති බැවින් සංගමයේ සාමාජිකත්වය සමග සාකච්ඡා කර මිල ඉහළ දැමීම කොතරම් ප්‍රමාණයකින් සිදුකරන්නේ ද යන්න තීරණය කිරීමට නියමිත බව බේකරි නිෂ්පාදකයින් පවසයි. කෙසේ වෙතත් අවම වශයෙන් පාන් ගෙඩියක් රුපියල් 20ත් 30ත් අතර මිලකින් ද සියලුම බනිස් වර්ග අවම වශයෙන් රුපියල් 10කින් ද ඉහළ යනු ඇති බව එම නිෂ්පාදකයින් වැඩිදුරටත් පවසයි.

Rivira FB Group Rivira Youtube
Rivira Ads
To Top