ආර්ථික අර්බුදය

ආර්ථික අර්බුදය – බත් පාර්සල් සහ කොත්තු ඇතුළු ආහාර මිලත් ඉහළ දමයි

බත් පාර්සලයක සහ කෙටි ආහාරවල මිල ගණන් සංශෝධනය කිරීමට අපනශාලා හිමියන්ගේ සංගමය මාර්තු 11 දින තීරණය කර තිබේ.

ආපනශාලා හිමියන්ගේ සංගමය කියා සිටියේ පවතින මිල ඉහළයාම් තත්වය හමුවේ බත් පාර්සලයක් රුපියල් 20කින් ඉහළ දමන අතර කොත්තුවක මිල රුපියල් 10කින් ඉහළ දමන බවයි. එසේම අනෙකුත් සියලු ආහාර වර්ග ද අවම වශයෙන් රුපියල් 5කින් හෝ ඉහළ යනු ඇති බව ඔවුන් සඳහන් කළා.

නව මිල ගණන් යටතේ මාළු කෑම පාර්සලයක් රුපියල් 220ක්, එළවළු කෑම පාර්සලයක් රුපියල් 180ක් ලෙසත් ඉහළ යන අතර මස් කෑම පාර්සලයක් රුපියල් 250 – රුපියල් 270ත් අතර මිලක් යටතේ විකිණීම සිදු කිරීමට නියමිතයි.

Rivira FB Group Rivira Youtube
To Top