මාර්තු 14 දින සිට සාමාන්‍ය පරිදි පාසල් ආරම්භ කර සියලු සිසුන් කැඳවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සියලුම පාසැල් වෙත දැනුම් දී තිබෙනවා.
විශේෂ චක්‍රලේඛයක් මගින් මේ බව දැනුම් දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. ඒ අනුව, මෙතෙක් වසා දමා තිබූ පාසල් හා අර්ධ වශයෙන් විවෘත කර තිබූ සියලු පාසල් යළිත් සාමාන්‍ය පරිදි ආරම්භ කිරීමට නියමිතයි.

