News

ජාතික රූපවාහිනිය බංකොලොත්, වැටුප් ගෙවා ගන්න භාණ්ඩාගාරයෙන් මිලියන 2400ක් ඉල්ලයි

ශ්‍රී ලංකා රූපවාහිනී රූපවාහිනි සංස්ථාවේ අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම පවා මේ වනවිට බරපතල ගැටළුවකට මුහුණ දී ඇතැයි වාර්තා වේ. සේවක වැටුප් ගෙවීමට හෝ මුදල් නොමැති තත්වයකට ආයතනය මුහුණ පා ඇතැයි සේවක සංගම් පෙන්වා දෙයි.

මේ තත්වය සමනය කර ගැනීම සඳහා වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් මාස හයක කාලයක් සඳහා රුපියල් මිලියන 2400ක මුදලක් අවශ්‍ය වී ඇති බැවින් එය ලබා දෙන ලෙස මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇතැයි ද ජාතික රූපවාහිනියේ සේවකයින් පෙන්වා දෙයි.

ජාතික රූපවාහිනිය සියලු ශ්‍රේණිගත කිරීම්වලින් පහතට වැටීම හේතුවෙන් ආයතනයේ ආදායම පහත වැටීම මෙම ගැටළුවට හේතු වී ඇති බවත් ජාතික රූපවාහිනියේ ස්ථිර ගණුදෙනුකරුවෙකු වූ ජාතික ලොතරැයි මණ්ඩලය වෙනත් නාලිකාවකට මාරු වීම ද මීට හේතු වී ඇතැයි සේවකයින් පෙන්වා දෙයි.

සේවකයින් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ රූපවාහිනී සංස්ථාවේ කාර්ය මණ්ඩලය 850කට අධික බවත් ඔවුන්ගේ වැටුප් සඳහා පමණක් මාසිකව මිලියන 800ක් පමණ වැයවනු ඇති බවයි.

To Top